Thursday, June 05, 2025
Follow Us
නාගරික ප්‍රවාහනය සඳහා මෙට්‍රෝ බස් ඒකකයක්
පොදු ප්රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්යාපෘතියක් ලෙස මෙට්රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පොදු ප්රවාහන සේවාව නවීකරණය කිරීම සඳහා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්යාපෘතියක් ලෙස සුවපහසු, දියුණු තාක්ෂණයක් සහිත බස් රථ ඇණියක් හඳුන්වා දීමට 2025 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත.
ඒ යටතේ, බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර (කොට්ටාව), කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්රවාහනය සඳහා සුවපහසු, පහත් පිවිසුම් සහිත බස් රථ 100ක් සේවයේ යෙදවීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්යාපෘතිය ක්රියාත්මක කිරීම පිණිස අමාත්ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.