මොනරාගල නිල්ගල වනාන්තරයේ හෙක්ටයාර 40,000 පමණ ප්‍රමාණයක් රක්ෂිතයක් බවට ගැසට් කිරීමේ ලියවිලි අත්සන් තැබේ.
2025 ජගත් පරිසර දින ජාතික වැඩසටහනට සමගාමීව සිදු කරනු ලැබූ මොනරාගල නිල්ගල වනාන්තරය සුරක්ෂිත කිරීමේ වැඩසටහන ඊයේ (03) රතුගල ආදිවාසී ජන උරුම මධ්‍යස්ථානයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී, නිල්ගල වනාන්තරයේ හෙක්ටයාර 40,000 පමණ ප්‍රමාණයක් රක්ෂිතයක් බවට ගැසට් කිරීම සඳහා අමාත්‍යවරයා විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබන ලදී.
මෙම අවස්ථාවට දානිගල මහා බණ්ඩාරලාගේ සුදා වන්නිලා ඇත්තන් ඇතුළු ආදිවාසී ජනතාවගේ මනා සහයෝගයක් ලැබුණ බව මොනරාගල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.