Sunday, June 01, 2025
Follow Us
පරිසර දින සැමරීමෙන් අවසන් නොවී මෙම වසර පුරාවට පරිසරය සංරක්ෂණය සහ පාරිසරික තිරසාරත්වය උදෙසා විවිධ ක්රියාමාර්ග රැසක් ගන්නා බව පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා පවසයි.

අමාත්යවරයා මේ බව සඳහන් කළේ ජාතික පරිසර සතියේ ආරම්භක දිනය වූ අද (30) දිනයට අදාළව පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි, සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය හංසක විජේමුණි සහ පරිසර අමාත්යංශයේ ලේකම් ආර්. උඩුවාවල යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පරිසර අමාත්යංශයේදී අද පැවැති වැඩසටහනේදීය.

අද දිනය ප්ලාස්ටික් අපද්රව්ය කළමනාකරණ දිනය ලෙස නම් කර ඇති අතර ජාතික ප්ලාස්ටික් අපද්රව්ය කළමනාකරණ ක්රියාකාරී සැලැස්ම පිළිබඳ වැඩසටහනක් අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් අද දින පැවැත්වූ අතර මෙහි ප්රධාන ඉදිරිපත් කිරීම ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ වෛද්ය සජිත් එදිරිසිංහ මහතා සිදු කළේය.
ප්රධාන වැඩසටහන අමතරව පරිසර අමාත්යංශයට අනුබද්ධ අනෙකුත් ආයතන විසින්ද අද දිනයේ දිවයිනේ ප්රදේශ රැසක වැඩසටහන් පැවැත්විය.
 
ඒ අනුව අධ්යාපන අමාත්යාංශය හා සබරගමුව පළාත එක්ව සබරගමුව පළාත තුළ සෑම පාසලකම දැනුවත් කිරීමේ වැඩසටහන් / පරිසර පවිත්ර කිරීමේ වැඩසටහන්/ රුක් රෝපණ වැඩසටහන් සිදු කෙරිණ. එමෙන් ම ජාතික පාරිසරික පනත යටතේ තහනම් කර ඇති පොලිතීන් අමු ද්රව්යක් වන ආහාර දවටන හා තනි භාවිත ප්ලාස්ටික් පිළිබඳව දිවයින පුරා දිස්ත්රික් 25 හි ජනාකීර්ණ වෙළඳ නගර ඉලක්ක කර ගනිමින් අත් පත්රිකා බෙදා දෙමින් ජංගම දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විණි.
 
පරිසර අමාත්යංශයේ වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසොන් ඒකකය විසින් කළුතර දිස්ත්රික්කය කේන්ද්ර කරගනිමින් වායු දුෂණය, ඒ හා සම්බන්ධ සෞඛ්ය ගැටලු සහ ගෘහස්ථ වායු තත්ත්ව කළමනාකරණය සම්බන්ධ පුහුණුකරුවන් පුහුණුකිරීමේ වැඩසටහනක් ද ක්රියාත්මක විය.
 
රාජ්ය දැව සංස්ථාව එක්ව මාතර වැලිගම වෙරළ කලාපයේ ප්ලාස්ටික් අපද්රව්ය ඉවත් කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණ. එමනේ ම සමුද්රීය පරිසර අධිකාරිය එක්ව පුත්තලම මුහුදු වෙරළේ සුන්බුන් පරීක්ෂණයක් ද පැවැත්විය.
 
හෙටට යෙදී ඇති වායු දූෂණය සහ එහි බලපෑම් අවම කිරීමේ දිනයේ දී ද පරිසර අමාත්යංශය සහ අනුබද්ධ අනෙක් ආයතන එක්ව රට පුරා වැඩසටහන් රැසක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.