Sunday, June 01, 2025
Follow Us
නාවික ක්‍ෂේත්‍රය දියුණු කිරීම සඳහා නාවිකයින් 50,000 ක්
නාවිකයින් 50,000 ක් බිහිකිරීමේ රජයේ ප්රතිපත්තිය සඵල කර ගැනීම සඳහා වූ විශේෂ මෙහෙයුම් කමිටු රැස්වීමක් වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා(27) පැවැත්විණි.

වර්තමානය වන විට නාවික ක්ෂේත්රයේ උද්ගතව ඇති ගැටලු පිළිබඳවත් එම ගැටලුවලට මුහුණ දීම සඳහා ගත යුතු ක්රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණ. නාවික ක්ෂේත්රය මගින් රටේ සංවර්ධනයට ලබාදී ඇති සහ ලබාගත හැකි දායකත්වය පිළිබඳ ජනතාව තුළ විශ්වාසය ගොඩනැංවීමේ අවශ්යතාවය සම්බන්ධයෙන් අවධානය යොමුකළ නියෝජ්ය අමාත්යවරයා, නාවිකයින් 50,000 ක් බිහි කිරීමේ රජයේ ප්රතිපත්තිය සඵල කර ගැනීම සඳහා ගතයුතු ක්රියාමාර්ග පිළිබඳ දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

නාවික ක්ෂේත්රය දියුණු කිරීම වර්තමාන රජයේ ප්රධාන ඉලක්කයක් වන අතර, එය සඵල කර ගැනීම සඳහා වූ රාජ්ය මැදිහත්වීම නොඅඩුව ලබා දෙන බව ද නියෝජ්ය අමාත්යවරයා පැවසී ය.
මෙහිදී මෙම කමිටුව හා සම්බන්ධ අනු කමිටු කිහිපයක් ස්ථාපිත කළ අතර ඒ සඳහා කමිටු සාමාජිකයින් නම් කිරීම ද සිදු කෙරිණ.