Thursday, December 26, 2024
Follow Us
ගාසා තීරයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත් ලබාදීම ඇරඹේ

ගාසා තීරයේ රැදි සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

 

මෙම එන්නත් ලබාදීම සදහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වී තිබේ.

ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව එන්නත් හය ලක්ෂ හතලිස් දහසක් ලබාදීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එන්නත් ලබාදීමේ වැඩසටහන ඵලදායී වීමට නම් අවම වශයෙන් අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් සියයට 90ක ප්‍රතිශතයක් කෙටි කාලයක් තුළ ප්‍රතිශක්තීකරණය කළයුතු බවයි.

වසර 25කට පසු ගාසා තීරයෙන් හමුවූ තහවුරු කරගත් පළමු පෝලියෝ රෝගියා සොයා ගැනීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ මෙම වෛරසය තවත් ළමුන්ට අසාධනය වුවහොත් එය කලාපය තුළ දරුණු තත්ත්වයක් ඇතිකරන බවය.