Saturday, October 19, 2024
Follow Us
දූපත් කිහිපයක බලශක්ති ව්‍යාපෘති කිහිපයක ඉන්දීය ගෙවීම් ඇරඹේ

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් දූපත් හි දෙමුහුන් බලශක්ති ව්‍යාපෘති සඳහා පළමු ගෙවීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජාහ් මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපතිවරයා වෙත භාර දී තිබේ.

 ඒ කොළඹ පිහිටි ඉන්දීට මහ කොමසාරිස් කාර්යාලයේ දීය.

ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නොවන දූපත් 3 හි ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 11 ක ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වේ.