Saturday, October 19, 2024
Follow Us

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් 'USS Okane' නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (21) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.    

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke - class destroyer වර්ගයට අයත් 'USS Okane' නෞකාව, දිගින් මීටර් එකසිය පනස් හතරක් (154 ) හා නැව් මුළුව තුන්සිය විසි අටකින් (328) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Richard Ray කටයුතු කරනු ලබයි.

තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව 'USS Okane' නෞකාව හෙට  (22) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.