Saturday, October 19, 2024
Follow Us

ඉන්දියාවේ නවදිල්ලි නුවර කොරියානු ජනරජ තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක Lieutenant Colonel Han Jonghun ඊයේ (06) නාවික හමුදා මූලස්ථානයේ දී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.   

Lieutenant Colonel Han Jonghun ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කොරියානු ජනරජ තානාපති කාර්යාලයට අනුයුක්තව ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලයේ කොරියානු ජනරජ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබයි. 

ඒ අනුව, මෙම නිල හමුවේ දී නාවික හමුදාධිපති සහ කොරියානු ජනරජ ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ව ද සිදු කෙරිණි.