Saturday, October 19, 2024
Follow Us
ඉන්දීය  ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයකට කොළඹ පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා ඊයේ (02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.  

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Shalki’සබ්මැරීනය, දිගින් මීටර් 64.4 ක් හා නැව් මුළුව 40 ක ගෙන් සමන්විත වන අතර, එහි අණදෙන නිලධාරී Commander Rahul Patnaik සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් ද ඊයේ  එම විධාන මූලස්ථානයේ දී සිදුකෙරිණි.  

‘INS Shalki’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි මෙහෙයුම් ක්‍රියාකරීත්වය පිළිබඳව පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් සහභාගී වීමට නියමිතව ඇති අතර, සබ්මැරීනයේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතව ඇත.

තවද, මෙම නිල සංචාරය නිමා කරමින් 2024 අගෝස්තු මස 04 වන දින ‘INS Shalki’ සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.