Saturday, October 19, 2024
Follow Us
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පසුගිය දා (ජූලි 27) ලාඕසයේ පැවති ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතමින් කෘත්‍රිම බුද්ධිය වැනි නව සහ නැගී එන තාක්ෂණයන්හි අනිසි භාවිතය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමේ අරමුණින්ඒවායේආරක්ෂාව ඇතුළු නැගී එන අභියෝගවලට සාමූහික විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ආසියා පැසිෆික් කලාපයෙන් ඉල්ලා සිටියේය.

සාමයආරක්ෂාව සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පැසිෆික් කලාපයේ ප්‍රයත්නයන් අඛණ්ඩව පවත්වා ගැනීමට අමතරවසයිබර් සහ ජාල ආරක්ෂණ පද්ධති සඳහාපවතින අභියෝගවලට මුහුණ දීම සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා සංසදය පියවර ගත යුතු බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කලාපයේ සමහර ප්‍රදේශවල සිදුවන සයිබර් අපරාධ මධ්‍යස්ථාන සහ රැකියා ජාවාරම්වලට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

ආසියාන් සංවිධානයේසභාපතිත්වය දරන ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය සලියම්සයි කොමාසි මහතා  විසින්ආසියාන් කලාපීය සංසදයේසාමාජිකයින් 27 දෙනෙකු සහභාගීත්වයෙන් පැවති මෙම වසරේ සංසදයේඅමාත්‍ය මණ්ඩල රැස්වීමේ මුලසුන දරන ලදී

රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියමහතාආසියාන් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ඓතිහාසික සබඳතා සහ විශේෂයෙන් ආපදා සහනප්‍රගුණනය වැළැක්වීම සහ නිරායුධකරණය යන ක්ෂේත්‍රවල සංවිධානයේ අන්තර් සැසි කිහිපයක සම සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී භූමිකාව පිළිබඳව විස්තර කළේය.ආසියාන් කලාපීය සංසදයවිසින් දේශගුණ සාධාරණීකරණ වැඩසටහන්ද ආරම්භ කරනලෙසත්ආපදා සහන සහ ප්‍රතිචාර සඳහා ශක්තිමත් කලාපීය යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීමට මෙන්ම දේශගුණික සහ පාරිසරික අභියෝගවලට මුහුණ දීම සඳහා වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීමටත් ඔහු යෝජනා කළේය.

මැදපෙරදිග මෙන්ම රුසියානු - යුක්රේනගැටුම්වල මානුෂීය බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ප්‍රකාශ කළ අමාත්‍ය බාලසූරිය මහතාකලාපයට සහ ගෝලීය ආර්ථිකයට ඇති වන අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව ද අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතාආසියාන් කලාපීය සංසදයේකටයුතු සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවන බවට ප්‍රතිඥා දුන්නේය. මීට සමගාමීවරාජ්‍ය අමාත්‍යවරයා පිලිපීනයචීනයයුරෝපා සංගමයරුසියාවබංගලාදේශයපැපුවා නිව්ගිනියාව සහ ලාඕසය ඇතුළු රටවල් නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගීවූ දූත පිරිස්හමුවුවේය.

2007 දී අග්නිදිග ආසියාවේ මිත්‍රත්ව සහ සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව ශ්‍රී ලංකාව ආසියාන් කලාපීය සංසදයසමඟ සම්බන්ධ විය.