Saturday, October 19, 2024
Follow Us
සත් මසක දරු ගැබක් සහිතව ඔලිම්පික් පිටියේ තරඟ කළ කාන්තාව

ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්ව සඳහා මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වී තිබෙන බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය අවසන් 16 දෙනාගේ වටයේ දී පරාජයට පත් වූ බවයි.

ඇය ඇමරිකානු ක්‍රීඩිකාවක් හමුවේ පරාජයට පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය සත් මසක දරු ගැබක් සහිතව තරඟ වැදී තිබෙන බව පසුව අනාවරණය වූ බවයි.

නාඩා ඇයගේ 03වන ඔලිම්පික් උළෙල සඳහා මෙවර සහභාගී වී තිබේ.