Saturday, October 19, 2024
Follow Us
නැගෙනහිර ස්ථාපිත කළ හමුදා කදවුරු 10 ඉවත් කර දෙන්නැයි විග්නේශ්වරන් ජගත් මහලේකම්ට පැමිණිලි කරයි

නැගෙනහිර ප‍්‍රදේශයේ හමුදා මුරපළවල් 10 ක් ස්ථාපිත කර ඇති නිසා වහාම ශ‍්‍රී ලංකාවට නිරීක්‍ෂණ කණ්ඩායමක් එවන ලෙස හිටපු උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ඊයේ (27 දා) එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් මහතා වෙත පැමිණිල්ලක් යොමු කර ඇත.

මෙම හමුදා මුරපළවල් නිසා මානව හිමිකම් උල්ලංඝනය වන බවත් ද්‍රවිඩ කාන්තාවන්ට හිරිහැර සිදුවන බවත් එම පැමිණිල්ලේ තවදුරටත් දක්වා තිබේ.

කොළඹ මෙවැනි මුරපළවල් නැති බවත් රජය හදිසි නීති රෙගුලාසි පනවා ඇත්තේ ද්‍රවිඩ ජනතාව වෙත හමුදා බලය යෙදවීමට බවත් හෙතෙම සඳහන් කර ඇත.

එසේම වන්නි මෙහෙයුමේදී එල්. ටී. ටී. ඊ. හමුදා නායකයන් රැසක් හමුදාව මරාදැමූ බව ද එම පැමිණිල්ලේ දක්වා තිබේ.

(Lanka Leads News)