Sunday, October 27, 2024
Follow Us
සමන්තා පවර් 10 වැනිදා මෙරටට එයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ලබන 10 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ඇමරිකාව පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතිකයක් ලබා දී ඇති පසුබිමකයි සමන්තා පවර්ගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ.

මෙම සංචාරය අතරතුරදී ඇය ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල නායකයන් කිහිප දෙනෙකුද හමුවීමට නියමිතව තිබෙනවා.

සමන්තා පවර් මහත්මිය මානව හිමිකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ඇමරිකානු ඉහළ පෙළේ නියෝජිතයෙකු වන බැවින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය පැවැත්වෙන අවස්ථාවක සිදුවන මෙම සංචාරය අතිශය තීරණාත්මක වනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

LNW