Sunday, October 27, 2024
Follow Us
සිචුවාන් භූමිකම්පාවෙන් මියගිය පිරිස 65ක් දක්වා ඉහළට

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ, ලුඩින්ග් ප්‍රදේශයට ඊයේ බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් ඇති බව නගර බලධාරින් ප්‍රකාශ කර සිටිනවා.

මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටි ලුඩින්ග් ප්‍රදේශයේ නිවාස ඇතුළු ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ වන විට තුවාල ලැබූ පුද්ගලයින් 250කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින බවට සැකකරෙන පුද්ගලයින් සොයා 6,500කට අධික සහන සේවා කණ්ඩායමක්, නියමුවන් රහිත ගුවන් යානා දෙකක් සහ හෙලිකොප්ටර් යානා 04ක් සහන සේවා සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

2017 වර්ෂයේදී සිචුවාන් ප්‍රාන්තයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව මෙය වන බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Neth