Sunday, October 27, 2024
Follow Us
සම්බාධක ඉවත් කරන තුරු යුරෝපයට ගෑස් නෑ - රුසියාවෙන් දැඩි තීරණයක්

සිය රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන තුරු යුරෝපයට ගෑස් ලබා නොදෙන බව රුසියාව පවසනවා. රුසියාව එලෙස දැඩි තීරණයක් ගෙන ඇත්තේ යුරෝපා සංගමටය අයත් රටවල් රැසක් රුසියාවේ ගෑස් කප්පාදුව හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින පසුබිමක් තුළයි.

යුරෝපය වෙත සිදු කරන ගෑස් සැපයුම අත්හිටුවීමට ප්‍රධාන හේතුව බටහිර රටවල් සිය රටට එරෙහිව පනවා ඇති සම්බාධක බවයි රුසියානු ජනාධිපති මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ.

ජර්මනිය සහ බ්‍රිතාන්‍යය ඇතුලු බටහිර රටවල් රුසියාවට මෙන්ම එරට සමාගම් රැසකට එරෙහිව සම්බාධක පනවා ඇතැයි ඔහු සදහන් කළා. එබැවින් සම්බාධක හැරුනු කොට ගෑස් සැපයුම අත්හිටුවීමට වෙනත් හේතුවක් නොමැති බවයි රුසියාව පවසන්නේ.

කෙසේවෙතත් මීට පෙර රුසියාව පැවසුවේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් යුරෝපයට ගෑස් රැගෙන යන ගැස්ප්‍රොම් සමාගමේ ගෑස් නළය වසා දමන බවයි. රුසියාව එලෙස වසා දමා ඇත්තේ 2011 වසරේ සිට රුසියාවෙන් බටහිර යුරෝපයට ගෑස් සපයන විශාලතම ගෑස් නළයයි.

Neth