Sunday, October 27, 2024
Follow Us
ණය බර තිබුණත් බංග්ලාදේශය ශ්‍රී ලංකාවක් නොවනු ඇතැයි එරට අගමැතිනිය යළි කියයි

මේවනවිට මුළු ලෝකයම ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටින බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසනවා. ඉන්දීය මාධ්‍ය ආයතනයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ බංග්ලාදේශය ද මුහුණ දී ඇත්තේ එවැනි අර්බුදකාරී තත්ත්වයට බවයි.

කෙසේවෙතත් බංග්ලාදේශයේ ආර්ථිකය තවමත් ඉතා ශක්තිමත් බවත් කොරෝනා වසංගතයට මුහුණ දී සිටි ආර්ථිකය මේවනවිට යුක්රේන - රුසියා යුද්ධය හමුවේ එන බලපෑම්වලට මුහුණදෙමින් සිටින බවත් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

පවතින තත්ත්වය අනුව බංග්ලාදේශය ද ශ්‍රී ලංකාවක් වනු ඇතැයි ඇතැමුන් මත පළ කරන බවයි බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසන්නේ.

එහෙත් එය කිසිසේත් සිදු නොවනු ඇති බවත්, සංවර්ධන සැලසුම්වලදී සහ ණය ලබාගැනීමේදී සිය රටට හිමිවන ප්‍රතිලාභය කුමක්ද? රටවැසියන්ට ප්‍රතිලාභ හිමිවන්නේ කෙසේද? යන්න සොයා බැලීමකින් තොරව කිසිඳු ව්‍යාපෘතියක් සඳහා මුදල් වෙන් නොකරන බව ද බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Neth