Sunday, October 27, 2024
Follow Us
IMF ණයෙන් ඉන්ධන, ගෑස්, ආහාර ගැනීම තහනම්

අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ විදේශ විනිමය සංචිත අර්බුදයට සහනයක් ලෙස බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ අනුව එම මුදලින් ඉන්ධන, ගෑස් හෝ ආහාර පාන ආනයනය කළ නොහැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල එකඟතාවක් ඇති කර ගැනීමෙන් රටට ඇතිවන වාසි මොනවාද?

කෙසේවෙතත් ආර්ථික අර්බුදය විසදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන එම මුදල ප්‍රමාණවත් නොමැති බවත්, ඒ සඳහා විදේශ විනිමය ඉපැයීමේ ක්‍රමෝපායන් සකස් කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවන බවත් මහාචාර්ය සිරිමල් අබේරත්න පැවසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට එකඟතාවකට පැමිණ ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ණය පහසුකම ලබාගත හැක්කේ ශ්‍රී ලංකාව ණය හිමියන් සමඟ එකඟතාවකට පැමිණියහොත් පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවේ.

මේ අතරතුර මෙරට චීන තානාපති කාර්යාලය නිළ වශයෙන් නිවේදනය කර ඇත්තේ චීනය, සැමවිටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිරිමත් කර ඇති බවයි.

Neth