Sunday, October 27, 2024
Follow Us
IMF තීරණය එනතුරු ශ්‍රී ලංකාව බලා සිටී

ශ්‍රී ලංකාවට හදිසි ණය සහනයක් ලබා දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අද නිල වශයෙන් නිවේදනය කරනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇති වී තිබෙන බවයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන මුදල ඩොලර් බිලියන තුනක්.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක මුදලක්, හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. දැඩි අවදානමට ලක්වූ සහ දුප්පත් පවුල්වල ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා මෙම ණය මුදල යොදා ගැනෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව සදහන් කර ඇත්තේ. එමෙන්ම ආහාර සුරක්ෂිතතාව ඉහළ දැමීම ද එහි තවත් අරමුණක්.

Neth