Sunday, October 27, 2024
Follow Us
ට්‍රම්ප්ගේ තවත් වේදිකාවක් කඩා වැටෙයි

ගූගල් දිගටම ට්‍රම්ප්ගෙන් ගේම ඉල්ලයි


එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social සමාජ මාධ්‍ය යෙදවුම (App) ගූගල් ප්ලේ ස්ටෝ වෙතින් තහනම් කර තිබේ.

ගූගල් ප්ලේ සතු භෞතික තර්ජන සහ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම් වැනි අන්තර්ගතය තහනම් කිරීමේ ප්‍රතිපත්ති මෙම දුරකතන යෙදවුම එක හරහා උල්ලංඝනය කරන බවයි ගූගල් සමාගම පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Truth Social හි ප්‍රධාන විධායක නිලධාරී ඩෙවින් නූන්ස් මීට පෙර ගූගල් ‘ඒකාධිකාරය’ ලෙස නම් කරමින් ප්‍රකාශයක්ද නිකුත් කර තිබුණි.

Truth Social පෙබරවාරි මාසයේදී ඇපල් හි ඇප් ස්ටෝ (App Store) හි දියත් කළ නමුත් එය භාවිතයේ ගැටළු පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, Truth Social සමාජ මාධ්‍ය යෙදවුම ගූගල් ප්ලේ ස්ටෝ තුළින් මින් ඉදිරියට බාගත කරගැනීමට නොහැකි වනු ඇති බව වාර්තා වේ.

Aruna