Sunday, October 27, 2024
Follow Us
ශ්‍රී ලංකාවට සුභ ආරංචියක්

ලංකාවට ඉදිරියේදී හදිසි ණයක්


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්‍රධානය කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් හෙට(01) දිනයේ දී ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කරන්නේ, දශක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දෙන දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතින් ඩොලර් බිලියන 3ක් ඉල්ලා සිටින බවය.

මේ අතර ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර යම් එකඟතාවක් ඇති වී තිබෙන බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී අද(31) කියා සිටියේය.

Aruna