Sunday, October 27, 2024
Follow Us
අපි ලංකාව වගේ වෙන්නේ නෑ

බංග්ලාදේශ අගමැතිනියගෙන් රටට පොරොන්දුවක් !


බංග්ලාදේශ ආර්ථිකය කිසිදිනක ශ්‍රී ලංකාව මෙන් ඇද වැටීමට ඉඩ නොදෙන බව බංග්ලාදේශ අගමැතිනි සීක් හෂීනා එරට ජාතිය හමුවේ පොරොන්දුවක් දුන්නා.

ඒ බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ 47 වැනි ගුණානුස්මරණ සංවත්සරය සනිටුහන් කරමින් පැවැති උත්සවයකදී,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ බංගලාදේශය ඉදිරියේ ඇති සියලු අභියෝග ජය ගනිමින් සංවර්ධිත රටක් කරා යන ගමන අඛණ්ඩව ඉදිරියටම යන බවයි.

“බංගලාදේශය කිසිදා ශ්‍රී ලංකාව මුහුණදුන් තත්ත්වයට පත් නොවනු ඇත, එය එසේ සිදුවීමටත් කිසිදු ඉඩක් නොතබන්නෙමි. කෙසේ වෙතත්,පැවැති BNP පාලනය තුළ බංග්ලාදේශයට ශ්‍රී ලංකාව වැනි තත්වයකට මුහුණ දීමට සිදු වූ නමුත් අප ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අවාමි ලීගය රජයේ දුරදර්ශී ප්‍රතිපත්ති සහ නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් ආර්ථික අගාධයකට වැටීමට නියමිතව තිබූ රට එම තත්ත්වයෙන් මුදා ගත් බව ත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

බංග්ලාදේශ ජාතියේ පියා ලෙස සැලකෙන බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ 47 වැනි අනුස්මරණ සංවත්සරය වෙනුවෙන් එරට ඩකා අගනුවර බංගබන්ධු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ (BICC) සංවිධාන කර තිබූ උත්සවයේදී ඇය මේ බව සදහන් කළා.

Aruna