Sunday, October 27, 2024
Follow Us
අමෙරිකානු තානාපතිනියගෙන් ශ්‍රී ලංකාව ගැන විශේෂ ට්විටර් පණිවුඩයක්

ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන ක්‍රමය


ශ්‍රී ලංකාව සහ අමෙරිකා ව්‍යාපාර අතර තවත් සහයෝගීතාව වැඩිකරගත හැකි ආකාරය සම්බන්ධයෙන් අමෙරිකා-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡා කළ බව ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසන්නීය.

ජූලි චන්ග් මහත්මිය තවදුරටත් පැවසුවේ මේ වනවිටත් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් 180,000කට පමණ අමෙරිකා-ශ්‍රී ලංකා ද්විපාර්ශවික වෙළෙඳාම නිසා සහයෝගයක් ලැබෙන බවය.

එමගින් අමෙරිකාවට අපනයන භාණ්ඩ යැවීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන බවද ඇය පැවසුවාය.

ඇය තවදුරටත් පැවසුවේ කුඩා සහ මාධ්‍ය පරිමාන ව්‍යාපාර සඳහා, ගොවීන්ට බීජ වර්ග සහ පොහොර ලබාදීමෙන් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා අධ්‍යාපනික හුවමාරු වැඩසටහන් මගින් පුහුණු කටයුතු ද සිදුවන බවය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා සඳහාද දෙරට අතර යම් එකඟතාවයක් ඇතිකරගැනීමට හැකිවුවහොත් තවදුරටත් සහාය දැක්විය හැකි බවද ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කර සිටී.

Aruna