Sunday, October 27, 2024
Follow Us
ශ්‍රී ලංකාවට එරෙහි බ්‍රිතාන්‍යය හා යුරෝපා රටවල් තුනක සංචාරක තහනම් ඉවතට

බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපා රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහංචි ඉවත් කර තිබෙනවා. ඒ අතරට ප්‍රංශය, නෝර්වේ සහ ස්විස්ටර්ලන්තයද ඇතුලත්.

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන සිය රට වැසියන්ට ලබා දී තිබූ උපදෙස් ලිහිල් කිරීමටයි බ්‍රිතාන්‍යය රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව, අත්‍යාවශ්‍ය කරුණකට පමණක් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ලෙස බ්‍රිතාන්‍යය ජාතිකයන්ට ලබා දී තිබූ උපදෙස් ලිහිල් කර ඇති අතර බ්‍රිතාන්‍යය ජාතිකයන්ට සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට දැන් අවස්ථාව පවතිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටීම හේතුවෙන් ඖෂධ, ආහාර, ඉන්ධන සහ ගෑස් හිඟයක් පැවතිය හැකි බව අදාල සංචාරක උපදේශනයේ සදහන්. ඒ හේතුවෙන් ප්‍රවාහනයට, ව්‍යාපාරවලට සහ හදිසි සේවාවන්ට බලපෑමක් එල්ල විය හැකි බවයි බ්‍රිතාන්‍යය රජය පවසන්නේ.

රෝහල් සහ අනෙකුත් වෛද්‍ය සේවාවන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් බලපෑමක් එල්ල විය හැකියි. එමෙන්ම ශ්‍රී ලංකාවේ තවමත් හදිසි නීතිය ක්‍රියාත්මක වන බවත් අගෝස්තු 27 එය අවසන් වීමට නියමිත බවත් බ්‍රිතාන්‍යය සංචාරක උපදේශනයේ වැඩිදුරටත් සදහන්.

මේ අතර සිය රටවැසියන්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකි බව, නෝර්වේ රජය ද නිවේදනය කර තිබෙනවා.

Neth