Sunday, October 27, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ණය ගැන චීනයෙන් හා ජපානයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය අපේකෂා කරන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට යම් සහනයක් ලබා දීමේ අරමුණ ඇතිවයි. එහෙත් මෙම සමුළුවට චීනය සහභාගී වනවාදැයි මෙතෙක් තහවුරු කර නැහැ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පැවැත්වීම පිළිබඳ තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක් බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.

විදෙස් වාර්තාවලට අනුව 2020 වසර අවසානයේ ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6 දශම 2ක්. 2022 වන විට එම අගය අමෙරිකානු ඩොලර් බිලියන 6 දශම 9ක් වූ බවටයි වාර්තා පල වුණේ.

මේ අතර ඉන්දීය මාධ්‍ය අද අනතුරු අඟවා තිබුණේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේදී ශ්‍රී ලංකාව විශේෂ සැලකිල්ලක් අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් මෙරට චීන තානාපති චී ෂෙන්හොං අද පැවසුවේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවය සහය දෙන බවයි.

ඇතැම් රටවල් විවිධ හේතු දක්වමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය පාගාදමමින් ඇති බව චීන තානාපතිවරයා පැවසුවා.

Neth