Sunday, October 27, 2024
Follow Us
ලෝකයේ පෙරළිකාර සමාගම් දෙකක් අතර අර්බුදයක්

ෆයිසර් සමාගම ට එරෙහිව නඩු


ලෝකයේ පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆයිසර් සමාගම සහ මොඩර්නා සමාගම අතර අර්බුදයක් හටගෙන තිබේ.

මොඩර්නා සමාගම, කොවිඩ් එන්නත් නිර්මාණය කිරීමේදී හටගත් මතභේදයක් හේතුවෙන් ෆයිසර් සමාගම ට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව වාර්තා විය.

එහිදී මොඩර්නා සමාගම චෝදනා කර ඇත්තේ ෆයිසර් සමාගම කොවිඩ් එන්නත නිර්මාණය කිරීමේදී පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවය.

ෆයිසර් එන්නත නිර්මාණය ට මූලික වූ ජර්මනියේ බියෝ එන් ටෙක් සමාගමට එරෙහිවද නීතිමය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සිය පැමිණිල්ලෙන් මොඩර්නා සමාගම වැඩිදුරටත් චෝදනා කර ඇත්තේ කොවිඩ් වසංගතය ට පෙර ඔවුන් වැඩිදියුණු කළ mRNA තාක්ෂණය ෆයිසර් සමාගම කොපිකර ඇති බවය.

Aruna