Sunday, October 27, 2024
Follow Us
IMF නියෝජිතයින් ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් 24 පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එහිදී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ලබන සිකුරාදා පැවැත්වීමටත්, තාක්ෂණික මට්ටමේ කරුණු සම්බන්ධව මහබැංකු නිලධාරීන් සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමටත් එහිදී තීරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහබැංකු අධිපතිවරයා සහ තවත් නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ මහබැංකු පරීශ්‍රයේදී පැවැත්වුණා.

Neth