Sunday, October 27, 2024
Follow Us
මැලේසියාවේ හිටපු අගමැති වසර 12 ක් සිර ගෙට

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් වසර 12 ක සිරදඬුවමක් සඳහා 23 සිරගත කෙරුණා. ඒ, ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුවයි.

රජය සතු අරමුදලක මුදල් අවභාවිත කළ බවට වූ මූල්‍ය දූෂණ චෝදනාවක් හා බලය අයුතු ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා 07 කට අදාළව මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වූ අතර එම චෝදනා සම්බන්ධයෙන් ඉකුත් 2020 වසරේදී අධිකරණය මගින් ඔහුව වරදකරු ලෙස ප්‍රකාශයට පත් කළා.

එහෙත්, අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහු මේ දක්වා ඇප මත නිදහස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. තමන්ට එරෙහි සිර දඬුවම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම ද අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව වසර 12 ක සිරදඬුවමකට අමතරව මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට අධිකරණය මගින් රිගිට් මිලියන 210 ක දඩ මුදලක් ද නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මේවනවිට 69 වන වියෙහ් පසුවනවා.

Neth