Sunday, October 27, 2024
Follow Us
IMF ණය ලැබෙන දිනය ගැන ඉඟියක්

මහබැංකු අධිපතිගෙන් සුබ පණිවිඩයක්


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට අපේක්ෂිත ණය පහසුකම මේ වසරේ අග වනවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

බ්ලූම්බර්ග් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ප්‍රශ්නය – ඔබට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතිකයක් දෙන්න පුළුවන්ද? දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව ණය තිරසර‍භාවයක් ඇතිකළ හැකි බවට?

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ –

“මෙයයි අප ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින්නේ. එහි මුල් පියවර ඉදිරි වසර තුන හතර සදහා සමස්ත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවකට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟත්වයකට පැමිණීමයි. අපි ඒ් සඳහා බොහෝ දුරට ආසන්නව සිටින බව කිව හැකියි. දේශීය ණය ඉලක්ක සපුරාලීමේ ගැටලුවක් අපි දකින්නෙ නැහැ. මේ නිසා දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමකින් තොරව අපට තත්ත්වය කළමනාකරණය කළ හැකියි.”

ප්‍රශ්නය – ප්‍රායෝගිකව බලන විට මූල්‍ය අරමුදලයේ ණය පහසුකම කවදා ලැබේදැයි ඔබ හිතනවද?

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ –

“බාහිර ණයහිමියන් සියල්ල ශ්‍රී ලංකා රජයේ ණය කළමනාකරණ ක්‍රමෝපාය සඳහා එකඟ වන්නේ නම් ඉදිරි මාස තුන හෝ හතර තුළ අපට ණය ලබාගත හැකියි. එලෙස එකඟත්වයක් ඇතිවුවහොත් මූල්‍ය අරමුදලට එහි විධායක මණ්ඩලය වෙත අපේ යෝජනාව ඉදිරිපත් කළ හැකිවනවා. එසේ වුවහොත් මේ වසර අවසානය වන විට මූල්‍ය අරමුදලට අපේ ණය මුදල මුදාහැරීමට හැකිවේවි. ඒ් සියල්ල රඳාපවතින්නේ බාහිර ණය හිමියන් අපට සහාය දක්වන ආකාරය සහ සාකච්ඡා පැවැත්වෙන ආකාරය අනුවයි.”

Aruna