Sunday, October 27, 2024
Follow Us
අධිකරණය දෙන්න බෑ කියපු සමරිසි අයිතිය අගමැති දෙන්න කැමති වෙයි.. සිංගප්පූරුවේ!

සිංගප්පූරුවේ සමරිසි ලිංගික ක්‍රියා සාපරාදී කරණ දණ්ඩ නීති සංග්‍රහයේ 377අ (377A) වගන්තිය අහෝසි කිරීමට කටයුතු කරන බව එරට අග්‍රාමාත්‍ය ලී හ්සියන් ලූන්ග් පවසා තිබේ.

ඔහු මේ බව පවසා තිබෙන්නේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමිනි.

මෙම නිවේදනය කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවේ, මෙය කළ යුතු නිවැරදි ක්‍රියාවක් බව තමාට හැඟෙන බවත්, මෙය බොහෝ සිංගප්පූරු වැසියන් අනුමත කරනු ඇති බව තමා විශ්වාස කරන බවත් ය.

එමෙන්ම මෙය සමරිසි සිංගප්පූරු වැසියන්ට සහනයක් වනු ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ අනුව සමරිසි ප්‍රජාව අපරාදකරුවන් ලෙස හංවඩු ගසන නීති අහෝසි කර දැමීමට සිංගප්පූරුව කටයුතු කරනු ඇත.

මෙම ආන්දෝලනාත්මක නීති වලට එරෙහිව එරට මානව හිමිකම් ක්‍රියාධරයන් වසර ගණනාවක් පුරා අධිවාචන කටයුතු කළ අතර, මේ සම්බන්ධයෙන් ගෙන තිබූ අධිකරණ ක්‍රියාමාර්ග පවා නිශ්ඵල වී තිබිණි.

සමරිසි ලිංගික ක්‍රියා සාපරාදී කරණ නීති අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීමට අදාළව අධිකරණ නිර්වචන ලබා ගැනීමට ගිය අවස්ථා වලදී පවා අධිකරණයෙන් එකී පෙත්සම් ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ එකී නීතිය ඔස්සේ සමරිසි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන බැවින්, එම නීතියේ වෙනසක් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව යි.

LNW