Sunday, October 27, 2024
Follow Us
ඉස්ලාමිය ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයේ පැවති සෝමාලියාවේ හෝටලයක් ආරක්ෂක අංශ භාරයට

ඉස්ලාම් අන්තවාදී සටන්කාමීන් විසින් අත්පත් කර ගෙන සිටි සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර පිහිටි හෝටලය එරට ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, පැය 30 ක් පුරා සිදුකළ අඛණ්ඩ මෙහෙයුමකින් අනතුරුවයි.



සෝමාලියාවේ ක්‍රියාත්මක අල් ශබාබ් සටන්කාමීන් විසින් අදාළ හෝටලය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබුණා. අනතුරුව හෝටලය තුළට පිවිසි සටන්කාමීන් එහි සිටි පිරිසක් ප්‍රාණ ඇපයෙහි රඳවා ගෙන සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදා ගැනීම සඳහා සෝමාලියානු හමුදාව දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් බහුතරයක් සිවිල් වැසියන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Neth