Sunday, October 27, 2024
Follow Us
IMF ණය ගන්න ලංකාවට උපරිම සහය දෙන බවට ඉන්දියාවෙන් ප්‍රකාශයක්

මෙම අසීරු අවස්ථාවේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට උපරිම අයුරින් සහයෝගය ලබාදී ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් පවසනවා.



ඒ, තායිලන්තයේ බැංකොක් නුවර පැවැති උත්සවයක් අමතමින්.

මෙම වසරේදී පමණක් ඉන්දියාව අමෙරිකානු ඩොලර් බිලියන 3 යි දශම 8 ක ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේදී ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදෙන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Neth