Sunday, October 27, 2024
Follow Us
ආසියානු කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංචිතය නම් කෙරේ

ආසියානු ක්‍රිකට් තරඟාවලි සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ බව සදහන් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් විසිදෙනෙකු නම් කර තිබෙනවා.

පිතිකරණය සඳහා කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ සහ දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අශේන් බණ්ඩාර, ධනංජයද සිල්වා අයත්.

වනිදු හසරන්ග, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම දඟ පන්දු යැවීමේ බලඇණියට නම් කර තිබෙනවා.

තමිර දුෂ්මන්ත, බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුලත්.

ඊට අමරතව ඩිල්ෂාන් මධුෂංක සහ මතීෂ පතිරණ, නුවනිදු ප්‍රනාන්දුද කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා. කෙසේ වෙතත් දුලිත් වෙල්ලාලගේ මෙම සංචිතයට ඇතුලත් නැහැ.

අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා ආසියානු ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන්නේ එක්සත් ආරාබිය එමිර් රාජ්‍යයේදීයි.

Neth