Sunday, October 27, 2024
Follow Us
ණය දෙන්න IMF එක සහතිකයක් ඉල්ලයි

IMF සාමාජිකයින් යළි 24 වනදා මෙරටට


තම නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරයේදී ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතිකයක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මූල්‍ය අරමුදලේ පහසුකම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුවගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් ලබා ගන්නා සහතිකයක් අවශ්‍ය වන බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

දරුණු අර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ආධාර පැකේජයක් හඳුන්වාදීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් එළඹෙන අගෝස්තු 24 වනදා සිට 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Aruna