Sunday, October 27, 2024
Follow Us
ආහාර සහ ඖෂධ සඳහා ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 25 ක්

ශ්‍රි ලංකාවට ලබාදෙන හදිසි ආධාර ඉහළ නැංවීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු නව රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව සෞඛ්‍ය හා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය අවශ්‍යතා වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 25 ක අමතර ආධාර මුදලක් පරිත්‍යාග කරනු ඇති.

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙම තීරණය ගත් බවයි ඔස්ට්‍රේලියාව පවසන්නේ. එමෙන්ම මෙවැනි අසීරු අවස්ථාවලදි ශ්‍රී ලංකාව සමග එකට එක්ව සිටින බව ද ඔස්ට්‍රේලියාව පෙන්වා දෙනවා.

ඉකුත් ජුනි මාසයේදී ද ඔස්ට්‍රේලියාව මෙරටට හදිසි ආධාර අරමුදලක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 50 ක් පරිත්‍යාග කළා. මෙම නව මූල්‍ය පරිත්‍යාගයත් සමග ආර්ථික අර්බුදය හමුවේ ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාවට ලබාදී ඇති අරමුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 75 ක්.

Neth