Sunday, October 27, 2024
Follow Us
ජනපති ජපාන සංචාරයකට සූදානම් වෙයි

ණය ප්‍රතිව්‍යුහගත කරන්න රටවල් 3ක් සමග සාකච්ඡා


ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන මාසයේදී ජපානයේ සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.

එම සංචාරයේ මූලික අරමුණ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීම වේ.

එහිදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන වැඩි අවධානයක් යොමුවෙනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඊට සමගාමීව චීනය සහ ඉන්දියාව ඇතුළු ණය ලබාදෙන්නන් සමග ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ද සිදුකෙරෙනු ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

Aruna