Sunday, October 27, 2024
Follow Us
ඉන්දියානු සාගරය ඉන්දියාව හා චීනය අතර සතුරුකම ඇවිළෙන තැනක් නොවේ

ඉන්දීය විදේශ කටයුතු ඇමැතිගෙන් ප්‍රකාශයක්


දකුණු ආසියානු කලාපයට ප්‍රමුඛත්වය ලැබෙන විට, බොහෝ රටවල් ඉන්දීය සාගරයේ ක්‍රියාකාරී වෙමින් තම බලපෑම පුළුල් කිරීමට උත්සාහ කරන බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් ප්‍රකාශ කර ඇත.

හම්බන්තොට වරායට ප්‍රවේශ වීමට අවසර දී ඇති චීන බැලස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා නිරීක්ෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. ‘ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, ඉන්දියානු සාගරය ඉන්දියාව සහ චීනය අතර තවත් ප්‍රචණ්ඩත්වය හෝ සතුරුකම ඇවිළෙන ස්ථානයක් බවට පත් නොවන බවද ඔහු කියා සිටියේය. විදේශ කටයුතු ඇමැතිවරයා පෙන්වාදී ඇත්තේ ඉන්දියාව තම ජාතික අවශ්‍යතා ගැන සැලකිලිමත්වන බවයි. ඉන්දියාවේ අසල්වැසියන් සංස්කෘතික වශයෙන් සහ ආර්ථික වශයෙන් බැඳී සිටින බවද ඔහු පැවසීය.

පවතින ආර්ථික අර්බුදයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් ඉදිරියට යෑමට ශ්‍රී ලංකාවට උපකාර කළ එකම අසල්වැසියා ඉන්දියාව බව ද එරට විදේශ කටයුතු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Aruna