Sunday, October 27, 2024
Follow Us
තායිලන්තයේ පිපිරීම් සහ ගිනි තැබීම 17ක්

දකුණු දිග තායිලන්තයේ ස්ථාන 17ක අද දිනයේ පිපිරීම් සහ ගිනිතැබීම් වාර්තා වි ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එම බෝම්බ ප්‍රහාර සහ ගිනිතැබීම් අද අලුයම් කාලයේදී සිදුව ඇති අතර එම සිදුවීම් එකිනෙකට සම්බන්ධ බවයි තායිලන්තයේ ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ප්‍රහාරවල ඉලක්ක වී ඇත්තේ සුපිරි වෙළෙඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් වන අතර සිදුවීම් වලින් පුද්ගලයින් 07 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්.

මෙම ප්‍රහාරවල වගකීම කිසිදු පුද්ගලයෙකු හෝ සංවිධානයක් මෙතෙක් භාර ගෙන නොමැති අතර සිදුවීම් සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති බවයි තායිලන්ත මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

Neth