Sunday, October 27, 2024
Follow Us
පුනර්ජනනීය ව්‍යාපෘති දෙකකට අදානිට අවසර

මෙරට සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගමට තාවකාලික අනුමැතිය ලබාදී තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ

අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික ආයෝජනයක් සඳහා එලෙස එම සමාගමට තාවකාලිකව අනුමැතිය ලබාදුන් බවයි. ඒ, මන්නාරමේ සහ පුනරින් ප්‍රදේශවල සුළං ව්‍යාපෘති දෙකක් සඳහායි.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය හා තිරසර සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අමාත්‍යවරයා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී විදුලිබල පනත සංශෝධනය හේතුවෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති 46න් 21කට අදාල ගිවිසුම්වලට ලබන සතියේ එළඹෙන බවද අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

Neth