Sunday, October 27, 2024
Follow Us
ඇෆ්ගනිස්තානය අල්ලාගෙන වසරක් සමරමින් තලෙයිබාන්වරු වීදි බසිති

තලෙයිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල්හි බලය අල්ලා ගැනීමේ පළමු සංවත්සරය අද සමරනවා. එබැවින් ඇෆ්ගනිස්ථානයට ජාතික නිවාඩු දිනයක්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තලේබාන් සාමාජිකයින් සහ ආධාරකරුවන් වීදිවල පෙළපාලි යමින් කළු සහ සුදු කොඩි එල්ලා ඇති බවයි.

කෙසේ වෙතත් තලෙයිබාන් සටන්කාමීන් මෙලෙස සංවත්සරය සමරන්නේ ඇෆ්ගනිස්තානයේ දිනෙන් දින දරුණ වන ආර්ථික හා මානුෂීය අර්බුදයක් මධ්‍යයේයි. බොහෝ පිරිමි පුද්ගලයින්ට තවමත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර බොහෝ බාලිකා ද්විතීයික පාසල් ද තවමත් වසා දමා තිබෙනවා.

තලෙයිබාන් සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශකයා විදෙස් මාධ්‍යන්ට පවසා ඇත්තේ ඇතැම් ආගමික නායකයන් ගැහැණු ළමයින් පාසල් යැවීමට විරුද්ධ නමුත් තම සංවිධානය ඊට විසඳුමක් සෙවීමට උත්සාහ කරන බවයි.

2021 අගෝස්තු 15 වන දින කාබුල්හි බලය තලෙයිබාන් සටන්කාමීන් අල්ලා ගැනීමත් සමඟ එතෙක් එරට සිටි අමෙරිකාව ප්‍රමුඛ විදේශීය හමුදා එම වසරේ සැප්තැම්බර් වන විට රටින් ඉවත්ව ගියා. කෙසේ වෙතත් අමෙරිකානු හමුදාව සමඟ සේවය කළ ඇෆ්ගන් ජාතිකයන් සහ ඔවුන්ගේ පවුල් 6,000කට වැඩි පිරිසක් තවමත් ඇෆ්ගනිස්ථානයේ අතරමංව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Neth