Sunday, October 27, 2024
Follow Us
කටුනායක ව්‍යාපෘතියට සම්බන්ධ ජපන් සමාගම ගත් තීරණය

ව්‍යාපෘතිය සදහා අරමුදල් සැපයීම අත්හිටුවයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නැවැත්වීම පිළීබදව මෙරට බලධාරීණ් සමග සාකච්ඡා කිරීමට ජපානයේ තායිසෙයි සමාගම තීරණය කර තිබේ.

අදාළ ව්‍යාපෘතිය සදහා අරමුදල් සැපයීම අත්හිටුවීමෙන් පසු එම සමාගම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ගුවන්තොටුපොළේ නව බහුකාර්ය පර්යන්තය සහ මාර්ගයක් ඉදිකිරීම සදහා එම සමාගම 2020 වසරේදී කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති අතර එය ලබන වසර වනවිට අවසන් කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව අරමුදල් තත්ත්වය යහපත් නොවන්නේනම් අදාළ ව්‍යාපෘතියෙන් නිදහස් කිරීමක් ඉල්ලා සිටීමට ජපාන සමාගමට හැකියාව පවතී.

Aruna