Sunday, October 27, 2024
Follow Us
පකිස්තානු යුධ නෞකාවක් ලංකාවට

චීනයට බෑ කිවු ලංකාව පාකිස්ථානයට හා කියයි ?


චීනයේ නිෂ්පාදිත පාකිස්ථාන යුද නෞකාව වන PNS Taimur මෙරටට ළඟා වී තිබේ.

එම නෞකාව අද (12) පෙරවරුවේදී කොළඹ වරායට සේන්දු වී තිබේ.

මෙම නෞකාව ලබන සඳුදා(14) දක්වා කොළඔ වරායේ නැංගුරම් ලා තැබීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කරනු ලබයි.

චීන නෞකාව පැමිණීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම පාකිස්ථාන නෞකාව මෙරටට ළඟා වෙමින් ඇත.

PNS ටයිමූර් නම් මෙම යුද නෞකාවට වේග ප්‍රහාරක අවි සහ මිසයිල දියත් කිරීමේ හැකියාව පවතින අතර, එය එළැඹෙන 15 වැනිදා පාකිස්ථානයට යාත්‍රා කිරීමට නියමිතව තිබේ.

පාකිස්ථානයේ මෙම යුද නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර බංග්ලාදේශයේ චිතගොං වරායට සේන්දු වීමට අවසර ඉල්ලා තිබුණත් එරට අග්‍රාමාත්‍යවරිය වන ෂෙයික් හසීනාගේ පාලනය ඊට අවසර ලබා දී නොතිබුණි.

චීන පර්යේෂණ නෞකාවට අවසර ලබා නොදීමත්, පාකිස්ථාන යුද නෞකාවට අවසර ලබාදීමත් හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

Aruna