Sunday, October 27, 2024
Follow Us
GSP, IMF හා මානව හිමිකම් ක්‍රියාවලි සාර්ථක කර ගන්න - යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දන්වයි

GSP ප්ලස් , IMF හා මානව හිමිකම් කවුන්සිලය යන ක්‍රියාවලි සාර්ථක කර ගැනීම සඳහා රජය විසින් ස්ථිර පියවරක් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය පවසනවා. ඔවුන් ඒ බව නිවේදනය කළේ යුරෝපා සංගමයට අයත් රටවල තානාපතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසුවයි.

ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන යුරෝපා සංගමය පැවසුවේ මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ තම සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු ලෙස පෙනී සිටින බවයි. සිවිල් හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙන්ම සියල්ලන්ටම වඩා ප්‍රකාශනයේ නිදහස හා විරෝධතාවට ඇති අයිතිය අතිශයින් වැදගත් බව යුරෝපා සංගමය පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව නැවතත් සුපුරුදු ගමන් මගට ගෙන ඒමට ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බවට තමන් එකඟ එකඟ වනවා. එබැවින් විදේශ කටයුතු සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රියාවලින් තුනක් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස යුරෝපා සංගමය ජනාධිපතිවරයා දිරිගැන්වූ බවයි යුරෝපා සංගමය සඳහන් කළේ. GSP ප්ලස් , IMF හා මානව හිමිකම් කවුන්සිලය, එම ක්‍රියාවලි තුනයි.

 

NEth