Sunday, October 27, 2024
Follow Us
වයස අවූරුදු 12ක දියණියක් සොහොයුරන් නැවත නැවතත් දූෂණය කරලා

වසර 13කට පසු මව වෙත ආ පුතු නීතියේ පිහිට පතයි


දශක තුනකට ආසන්න කාලයකට පසු, සොහොයුරන් දෙදෙනෙකු විසින් නැවත නැවතත් දූෂණයට ලක් වූ ඉන්දියානු කාන්තාවක්
අවසානයේ යුක්තිය ඉටු කිරීමට බලාපොරොත්තු වන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ කාන්තාවට යන්තම් වයස අවුරුදු 12 දී පිරිමි දෙදෙනෙකු විසින් මාස හයක් පුරා දූෂණය කර තිබේ. පසුව ඇයට දරුවෙකුද ලැබී ඇත.

ඇය එම දරුවාව දරුකමට හදා ගැනීම සඳහා අත්හැර දැමූ නමුත් වසර 13 කට පසු ඇය වෙත ආපසු ආ ඇගේ පුතා,ඇය දූෂකයන් යැයි කියනු ලබන අයට එරෙහිව නඩු පවරන ලෙස ඇයව දිරිමත් කළේය.

දින දහයකට පෙර පොලිසිය එක් චූදිතයකු අත්අඩංගුවට ගත් අතර බදාදා දෙවැනි පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇත.

“සිද්ධිය ඉතා පැරණි නමුත් එයින් ඇති වූ තුවාල තවමත් සුව වී නැත,” කාන්තාව බීබීසීයට පැවසුවාය. “එය මගේ ජීවිතය නතර කර ඇති අතර මට ඒ මොහොත නැවත නැවතත් සිහිපත් වේ.”

සෑම වසරකම ඉන්දියාවේ ළමා ලිංගික අපයෝජන සිද්ධීන් දහස් ගණනක් වාර්තා වේ. 2020 දී – නිල අපරාධ දත්ත ලබා ගත හැකි නවතම වසර -ඉන්දියාවේ ළමුන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කිරීමේ පනත (Pocso) යටතේ නඩු 47,000ක් ලියාපදිංචි කර ඇත.

Aruna