Sunday, October 27, 2024
Follow Us
ගෝඨාභයට තායිලන්තයේ දින 90ක් රැඳී සිටීමට අවසර …

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

ඒ අනුව, ඒ මහතාට රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ඇති බැවින් දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමිවන බවයි ඔවුන් පවසන්නේ.

කෙසේවෙතත් ඒ මහතා මේ දක්වා දේශපාලන රැකවරණ පතා කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර හිමිවූ කාලය අදින් (11) අවසන් වන අතර අද දිනයේදී ඒ මහතා තායිලන්තය බලා පිටව යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

LNW