Sunday, October 27, 2024
Follow Us
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඔත්තු බලන්න ගුවන් යානයක්

ශ්‍රී ලංකාවට ඔත්තු බැලීම සදහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඩ්‍රෝනියර් 228 ලෙස හදුන්වන එම ගුවන් යානය අගෝස්තු 15 වනදාට යෙදෙන ඉන්දීය නිදහස් දිනය දා ශ්‍රී ලංකාවට භාරදීමට නියමිත බවයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

වසර තුනක් පුරා ඉන්දියාව සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසයි එම ගුවන් යානය ශ්‍රී ලංකාවට හිමි වන්නේ.

ඔත්තු බැලීම සදහා එලෙස ශ්‍රී ලංකාවට ලබාදෙනු ලබන්නේ ඉන්දීය තාක්‍ෂණයෙන් නිර්මාණ වූ ගුවන් යානයක්. ඒ පිළිබද හැදෑරීම සදහා ගුවන් නියමුවන්ගෙන් සැදුම්ලත් ගුවන් හමුදාවේ 15 දෙනෙකුගෙන් පිරිසක් මාස 4 ක සිට ඉන්දියාවේ පුහුණුව ලබන බවයි ගුවන් හමුදාපතිවරයා සදහන් කළේ.

එය ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසු ගුවන් හමුදාව මෙන්ම නාවික හමුදාව ද සමුද්‍රණ නිරීක්‍ෂණ කටයුතු සඳහා එම ගුවන් යානය යොදා ගැනීමට නියමිතව තිබෙනවා. ඔත්තු බැලීම සදහා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරෙන එම ගුවන් යානයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 20 ක් පමණ වන බවයි ප්‍රකාශ කෙරුණේ.

Neth