Sunday, October 27, 2024
Follow Us
කොවිඩ් ප්‍රභේද ඇසුරින් නිපදවූ නව එන්නතක් ගැන යුරෝපා සංගමයේ අවධානය

කොවිඩ් වෛරසයේ ප්‍රභේද දෙකක් ඇසුරින් නිපදවූ නව එන්නතක් සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමය සිය අවධානය යොමුකර ඇති බව වාර්තා වේ.

මෙම එන්නත නිපදවා තිබෙන්නේ ඇමරිකානු ෆයිසර් (Pfizer) සහ ජර්මානු බයෝඑන්ටෙක් (BioNTech) සමාගම් දෙක විසිනි.

SARS-CoV-2 නම් චීනයේ මුල්ම වරට හඳුනා ගත් කොවිඩ් වෛරසය සහ යුරෝපා කලාපයේ බහුලව හමුවූ BA.4/5 ඔමික්‍රෝන් කොවිඩ් වෛරසයේ ප්‍රභේද දෙකක් ඉලක්කකරමින් මෙම නව එන්නත නිපදවා ඇති අතර, ඊට අදාළ දත්ත විශ්ලේෂණය කිරීමක් සිදුකර එය වෙළදපොළට මුදාහැරීම ට සුදුසු ද යන වග සමාලෝචනය කිරීම සඳහා යුරෝපා ඖෂධ ඒජන්සිය (European Medicines Agency) කටයුතු කරන බව වාර්තා වේ.

ඒ අනුව එකී නව එන්නත භාවිතය සඳහා සුදුසු නම් වෙළඳපොළට මුදා හැරෙනු ඇති බව ද යුරෝපා සංගමය (09) දින නිකුත් කළ නිවේදනයක සඳහන්.

එමෙන්ම මෙකී එන්නත එළඹෙන සැප්තැම්බරය වන විට අනුමත වනු ඇති බවට ද යුරෝපා ඖෂධ ඒජන්සිය අපේක්ෂා කරයි.

Outbound Today