Sunday, October 27, 2024
Follow Us
ට්‍රම්ප්ගේ නිවසක් FBI නිලධාරීන් වටලයි

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවසක් FBI නිලධාරීන් විසින් වටලා තිබෙනවා. ෆ්ලොරිඩාහි පාම් බීච් ප්‍රදේශයේ පිහිටි සිය නිවස FBI නිලධාරීන් විශාල පිරිසක් පැමිණ පරික්ෂාවට ලක් කර ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ.

පෙර දැනුම්දීමකින් තොරව එම වැටලීම සිදු කර ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

රහසිගත ලේඛණ සොයා එම පරික්ෂාව සිදු කර ඇති බවටයි ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පසුගිය වසරේ කැපිටල් ගොඩනැඟිල්ලේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාල කරුණු සොයා වැටලීම සිදු කරන්නට ඇති බවටද මත පල වනවා.

අදාල අවස්ථාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම නිවසේ රැදී සිට නැහැ. තමන් මීලඟ ඇමරිකානු ජනාධිපතිවරණයට තරඟ කිරීම වැලැක්වීම සඳහා අසත්‍ය චෝදනා නැගීමට හා අධිකරණ පද්ධතිය ආයුධයක් ලෙස යොදා ගැනීමට මෙවැනි ක්‍රියා සිදු කර බවටද ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබෙනවා.

Neth