Sunday, October 27, 2024
Follow Us
අමෙරිකානු - චීන ආරවුල තීව්‍ර වුවහොත් ශ්‍රී ලංකාව තවත් අර්බුදයක් අභියස

චීනය සහ අමෙරිකාව අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව විද්වතුන් පෙන්වා දෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන සඳහන් කළේ චීනය සහ අමෙරිකාව අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය අරමුදල් ලබාගැනීම සහ ණය ප්‍රතිව්‍යුවහත කිරීම යන කරුණුවලට දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි.

එවැනි තත්ත්වයක් උද්ගතවුවහොත් ශ්‍රී ලංකාවේ කුමන ක්ෂේත්‍රයකට වැඩි වශයෙන් බලපෑම් එල්ල විය හැකි දැයි නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය පවිත්‍රා ජයවර්ධන සඳහන් කළේ මෙරට සැපයුම් ජාලය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට ඉන් බලපෑම් එල්ල විය හැකි බවයි.

Neth