Sunday, October 27, 2024
Follow Us
චීන නැව මෙරටට පැමිණීම කල් දමන ලෙස ඉල්ලයි

ඉන්දියාවට සහ චීනයට මැදි වූ ලංකාව


මතභේදයට තුඩුදී ඇති චීන “Yuan Wang 5″නෞකාවේ මෙරට සංචාරය කල්දමන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය චීන රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

චීන පර්යේෂණ හා සමීක්ෂණ නෞකාවක් වන “Yuan Wang 5” නෞකාවේ මෙරට සංචාරය කිරීම මේ වනවිට මතභේදයට තුඩුදී ඇති කරුණක් බවට පත්වී ඇත.

අගෝස්තු 11 වනදා හම්බන්තොට වරායට ළඟාවීමට නියමිතව තිබූ එම නෞකාව ලබන 17 වනදා දක්වා එහි නැංගුරම්ලා තැබීමට නියමිතව තිබුණි.

අදාළ නෞකාවේ මෙරට සංචාරය පිළිබඳව සිය කනස්සල්ල පළ කළ ඉන්දියාව පැවසුවේ, අධිතාක්ෂණික චින නෞකාවේ පැමිණීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බවය.

හම්බන්තොට වරායට පැමිණීම සඳහා පසුගිය ජුලි 13 වනදා චීනයේ ජියෑන්ග්යින් ප්‍රදේශයෙන් පිටත්වී ඇති එම නෞකාව මේ වනවිට තායිවාන මුහුදු සීමාවට ආසන්න වී තිබේ.

Aruna