Monday, October 28, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහාතා (අගෝ.04 දා) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ සුහද හමුවක් සඳහා පැමිණියේය.

මෙරට වත්මන් ආර්ථික, දේශපාලන තත්ත්වය පිළිබඳව සහ ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මෙන්ම දෙරට අතර ද්විපාර්ශික සබඳතා ශක්තිමත් කිරීම ගැනද එහිදී සාකච්ඡා කළේය.

 

ඉතා දුෂ්කර කාලසීමාවකදී වුවද ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් විශේෂ ඇගයීමකට ලක් කරනු ලැබූ අතර ශ්‍රී ලංකා පොලිස් සේවය නගා සිටුවීමට සිය සහයෝගය ලබාදෙන බවද මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට එහිදී පැවසීය.

LNW